by Staff writer 24-09-2020 | 9:56 PM
COLOMBO (News 1st) - පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට හේතු වූ විදේශීය කසළ තොගයට සිදු වූයේ කුමක් ද?
පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණු කසළ කන්ටේනර් තොගය පිළිබඳ අප දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ වගකිවයුතු අංශ ප්‍රකාශ කළේ, අධිකරණය ලබාදෙන තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එහෙත් නියමිත පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් අවස්ථා ගණනාවකදී අසමත්වීම හේතුවෙන් අධිකරණයට තීන්දුව ලබාදීම ප්‍රමාද කිරීමට සිදු විය.
පසුගිය පෙබරවාරී මාසයේදී අධිකරණය ප්‍රකාශ කළේ, අදාළ කැළි කසල ප්‍රතිඅපනයනයට පියවර ගන්නේ නම් තම අධිකරණය ලබාදී ඇති නියෝග එම ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි.
පසුගිය 7 වැනි දා අප කළ විමසීමකදී කොළඹ වරාය පරිශ්‍රයෙන් හා කටුනායක ආයෝජන කලාපයෙන් හමු වූ කසළ කන්ටේනර් තොගය යළි බාර ගැනීමට එංගලන්තය කැමත්ත පළ කළ බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය.
සති දෙකකට පසු අප අද යළිත් එම අධිකාරියෙන් ප්‍රශ්න කළෙමු.
ඔවුන් අද ප්‍රකාශ කළේ, ලබන සතිය වනවිට නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවයි.
මේ කසළ තොගය එංගලන්තයට යැවීමට අවශ්‍ය විගමන කටයුතු මේ දිනවල අවසන් අදියරේ පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය.
විදේශීය කසළ තොගය ආපසු යැවීම සතියෙන් සතිය කල් යන්නේ ඇයි?
මේ පිටුපස සිටින පුද්ගලයින් කවුද?
අවධානයට...
https://www.facebook.com/NewsfirstSL/videos/720177548711524/