"රත්මලානේ රොහා" පොලිස් වෙඩි පහරින් මරු⁣ට

"රත්මලානේ රොහා" පොලිස් වෙඩි පහරින් මරු⁣ට

by Staff writer 24-09-2020 | 7:25 AM

COLOMBO (News 1st) - පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු වූ "රත්මලානේ රොහා" නැමැති සැකකරු අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.

මෙම සැකකරු ඉන්දියාවට පලායාමට සූදානමින් කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මෙලෙස මියගොස් තිබේ. ඔහු සන්තකයේ තිබී T56 ගිනි අවියක් හා රිවොල්වරයක් පොලිස් භාරයට ගෙන තිබේ.