
මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද මරණ දඬුවම නියම කර තිබේ.
ඒ, හෙරොයින් ග්‍රෑම් 106 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරමිනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 1998 දෙසැම්බර් 04 වැනි දා පිටකොටුව මත්ස්‍ය වෙළෙඳසැල් සංකිර්ණයේදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ හමුවේ පනවා තිබූ නඩුවක් විභාග කළ මහාධිකරණය 2012 ජුලි මස පළමු වැනි දා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබුණි.
එම සිර දඬුවමට එරෙහිව විත්තිකරු ගොනු කර තිබූ අභියාචනාවක් සළකා බැලු අභියාචනාධිකරණය එම නඩුව නැවත විභාගයට ගන්නා ලෙස මහාධිකරණයට නියෝග කර තිබුණි.
නැවත විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කළේ ය.
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්