20 හැදුවේ අමෙරිකාව ද?

20 හැදුවේ අමෙරිකාව ද? - ජවිපෙ ප්‍රශ්න කරයි

by Staff writer 23-09-2020 | 7:26 PM

COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ, අමෙරිකාවදැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මේ ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක,
අද එතකොට 20 ලිව්වේ එක්සත් ජනපද කාර්යාලයද කියන සැකය පවා අද මතුවෙලා තියෙනවා. විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ තිබිච්ච ආණ්ඩුවේ තිබිච්ච ඒ මහා බලගතු එඩිතරභාවය 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා. ආණ්ඩුව ඇතුලේ. එක්කෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්න ඕන ඔහු තමයි මේක ලිව්වේ නැත්තම් ඔහු මේක අමෙරිකාව ලව්වා හරි කවුරුහරි මේක ලියෙව්වා, එහෙම නැත්තම් අගමැතිවරයා කියන්න ඕන ඔහු මේක ලිව්වා අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා.
20 වන සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට අගමැතිවරයා පත්කළ කමිටු වාර්තාවට සිදු වූයේ කුමක්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක,
අගමැතිවරයා කමිටුවක් හදලා කිව්වා ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනයේ ගැසට් එක පිළිබඳව අලුතින් අධ්‍යනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒ වාර්තා ඉදිරිපත් කරන ඡායාරූපත් සමාජ ජනමාධ්‍යවල පළ කරලා. ඒවගේම ඒ කැබිනට් අනුකමිටුවේ හිටපු ඇමතිවරයෙක් කිව්වා දැන් මේ විස්ස අගෝස්තු මාසයේ ගැසට් කරපු විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ නැතිය පාර්ලිමේන්තුවට අලුත් විස්සක් එන්නේ කියන එක නමුත් අපි දන්නවා ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කරලා තිබෙන්නේ ඒ ගැසට් එකම තමයි පරන එකම තමයි. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරාම පනතක් නෙවෙයි ඊට වඩා කුඩා දෙයක් වුණත් අධ්‍යනය කරලා ඊළඟ කැබිනට් මණ්ඩලයේ තමයි අනුමතයට ලක්වෙන්නේ. අනුමත කිරීම හරහා. නමුත් විසිවෙනි සංශෝධනය එහෙම නෙවෙයි කැබිනට් මණ්ඩලයේ එදිනම ඉදිරිපත් කෙරු මොහොතේම අනුමත කරා. කරලා ඒක ගැසට් කලා. ඒ වියරු බල උවමනාවට සියල්ල ඩොසර්කරගෙන යනවා.
තවදුරටත් බලය තහවුරු කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? මේ පිළිබඳවත් බිමල් රත්නායක මහතා කරුණු පැහැදිලි කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා,
අපි කියන්න කැමැතියි මේ බලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ කණ්ඩායම ගන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව පාවිච්චි කරන්න නෙවෙයි. ඒවායේ යම් යම් ගැටලු ඇතිවෙයි. පවුල ඇතුළේ විසෙඳගනියි ඒගොල්ලෝ. සමහරවිට මේක පුපුරලත් යයි. ඒවා අනිවාර්යයෙන්ම ඉදිරියෙදී වෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ බලය පාවිච්චි කරන්න යන්නේ කාට ද? විශේෂයෙන්ම මේ උකහා ගන්නා බලය පාවිච්චි කරන්නේ මේ රටේ ජාතික සම්පත් දේශීය සහ විදේශීය ධනකුහරයන්ට පවරන්න. මේ තුනෙන් දෙකෙ බලයක් මේ ඔක්කොම ඉල්ලනවා හැබැයි කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් වචනයක් නෑනේ. තුනෙන් දෙකේ බලය ලැබුණට පස්සේ මේ විසිවෙනි සංශෝධනයෙන් පස්සේ චීනෙට දුන්නු හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා කියනවාද? මේය පරාජය කළ යුතු වෙනවා අපේ රට ඉදිරියට ගලවාගෙන යන්න නම්. 18 ට උස්සපු අත ගැන තමන්ම කළ කිරෙනවා කියලා කියපු ඇමතිවරු අපි දන්නවා. ඒ අය දැනුත් ඉන්නවා. වල්ගේ එල්ලිච්ච ටීම් එකට දැන් පොඩ්ඩක් අමාරුයි මේ එකපාරටම මේක දනගහලා පෙන්නන්න. ඒ නිසා ඒගොල්ලෝ අර පොඩි පොඩි හේතු කියනවා. ඔය මම දැක්කා ද්විත්ව පුරවැසිභාවය, වෙන වෙන කතා. අපිට පේන හැටියට ඒ ඕකකොමලා රාජපක්ෂවරුන්ට බයයි. ඒ නිසා ඒ ඒකකොම ඡ්නදේ දියි ඒහෙම ඡ්නදේ දුන්නහම 150 හම්බෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එතුමා මුදල් වියදම් කරලා බලයකුත් නැත්තම් මේක කොරගෙන යන්න මොකටද මේ ධුරය පවත්වාගෙන යන්නේ රටේ? මේක අයින් කරොත් හොද නැද්ද?
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා,
අයින් කරොත් හොඳයි. නමුත් ඔකේ අනික් පැත්ත ඔබතුමා මතු කරපු ආණ්ඩුවම දාන මිනිස්සුන්ව ගොනාට අන්දන ඒ කියන්නේ සල්ලි ගොඩාක් වියදම් කරන බලය ගොඩාක් තියෙන්න ඕන. කොහෙද අනේ එහෙම තර්ක තියෙන්නේ? දැන් සල්ලි ගොඩාක් තියෙන නිසා කෑම ගොඩාක් කන්න ඕනද? රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වෙච්ච මිනිහා ඒකාධිපතියෙක් කරන්න ඕන නැහැනේ. අනික් එක බලතල නැති වීම නිසා මොකක්ද රටට වෙලා තියෙන ප්‍රශ්නේ? මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ කියන මහත්වරු දෙන්නා හැප්පුනේ 19 ප්‍රශ්නයක් නිසානේ. 19 ප්‍රශ්නය නිසා විතරක් නෙවෙයි දෙන්නම මෛත්‍රීපාල සිරිසේනට උවමනාව තියෙනවා දෙවැනි වරටත් ජනාධිපතිකම ගන්න. ඒකට තමයි එයා මුළු ගේමම ගැහුවේ දිනපු දවසේ ඉඳන්ම. මෛත්‍රීපාල ගෙන් ඒක අහෝසි කරන්නේ නැතිව මෛත්‍රීපාල ගෙන් පසුව ඒ පුටුවටම එයා පනින්න. ඉතිං ඒකට බිළිවෙලා තියෙනවා 19 යි ප්‍රජාතන්ත්‍රවාදයයි ඕකකොම. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඉතිං දැන් ජනතාව ඔබතුමාලාව පත් කරන්නේත් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා,
ජනතාවට අවශ්‍ය වේලාවට තමයි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නට වෙන්නේ. අපි ජනතාවටත් කියන්නේ අර අශ්වයා ගියාට පස්සේ අස්තාලය වහලා වැඩක් නැහැ ඊට කළිනුයි කළ යුත්තේ.
https://www.facebook.com/NewsfirstSL/videos/331742441439403/