20ට එරහෙිව විශේෂ පෙත්සමක්

20ට එරහෙිව සමගි ජන බලවේගයෙන් විශේෂ පෙත්සමක්

by Staff writer 23-09-2020 | 12:53 PM
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේ ය. සමගි ජන බලවේගය වෙනුවෙන් පෙත්සම ගොනු කරනු ලැබුවේ, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනි. 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම්, වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා තිබේ. ඉන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, එය සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නිගමනය කරන ලෙසයි. https://www.youtube.com/watch?v=XSak3FD6S3k&feature=youtu.be