මන්ත්‍රී ආරක්ෂාව අඩු කිරීම ගැන සංවාදයක්

මන්ත්‍රී ආරක්ෂාව අඩු කිරීම ගැන වාද විවාද

by Staff writer 23-09-2020 | 12:45 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය. මේ එහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇතිවූ සංවාදය.
''ජනාධිපතිට, ආරක්ෂ ලේකම්ට පවා හිරේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයේ තරජනය කළා.  එහෙම තත්ත්වයක් යටතේ මේවට අරගල කරන මන්ත්‍රීවරුන්ගෙන් ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කරලා තියෙනවා. අපි මත්ද්‍රව්‍යට අරගල කරද්දී ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම 225ටම කරපු බරපතළ තර්ජනයක්..'' - බුද්ධික පතිරණ - ''පොලිස් නිලධාරීන් ඉන්නෙ පොලිස් රාජකාරිය කරන්න මන්ත්‍රීවරුන් සහ අනෙක් අය සඳහා පොලිස් නිලධාරීන් ඉන්නෙ 85000යි මන්ත්‍රීවරුන්ට මහ ජනයාගේ විශ්වාසයක් නැත්නම්, පොලීසිය නැතිව යන්න, පොලීසිය ඉල්ලන්නේ ෆයිල් උස්සන් යනන් ද? පොලීසිය දෙන්නේ නැහැ ෆයිල් උස්සගෙන යන්නයි, බෑග් උස්සගෙන යනන්යි. අපි ආරක්ෂාව දෙන්නම්, මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි, රටටම ආරක්ෂාව දෙනවා''
- අමාත්‍ය චමල් රාජපක්ෂ - මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන්නැයි අද විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. එම සංවාදයට බුද්ධික පතිරණ, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත කැටගොඩ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එක්වූහ. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියේ, කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමේ සම්ප්‍රදාය දිගිටම පවත්වා ගත යුතුව ඇති බවයි. මේ අතර ණය කාර්යංශයේ නම සඳහන් වීම ණයක් ලබාගැනීමට බාධාවක් නොවීමට සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.