මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස්

මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස්

by Staff writer 23-09-2020 | 1:32 PM
COLOMBO (News 1st) : කොළඹ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 1000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, එම පිරිස ලබන සෙනසුරාදා පොලිස් කෂේත්‍ර බලකා මූලස්ථානයට කැඳවා උපදෙස් ලබා දෙන බවයි. මේ අතර අද සිට බස් ප්‍රමුඛතා මං තීරුව බස්රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා පමණක් සීමා කීරිමට ගත් තීරණය සාර්ථක බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ, මං තීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා අතිරේක නිලධාරීන් මාර්ග දෙපස රාජකාරි සඳහා යොදවා ඇති බවයි.