ඔබේ යතුරු පැදිය/ත්‍රී වීල් එක සොරකම් කළ එකක්ද?

බස්නාහිර සොරකම් කළ යතුරු පැදි හා යතුරු පැදිවල චැසි/එන්ජින් අංක ප්‍රසිද්ධ කෙරේ

by Staff writer 23-09-2020 | 6:57 PM
2019-2020 යන වර්ෂ වල දී බස්නාහිර පළාත තුළ සොරාගන්නා ලද යතුරු පැදි හා ත්‍රී රෝද රථ සොයා ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබේ. එලෙස සොරාගන්නා ලද රථ මේ වන විට විවිද ස්වරූයෙන් හා පැහැය වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛණ සකස්කර විකුණා ඇති බව හෙළිව ඇති බව ද පොලීසිය නිවේදනය කරයි. පොලීසිය විසින් එලෙස සොරාගන්නා ලද යතුරු පැදි හා ත්‍රී රෝද රථවල චැසි අංක හා එන්ජින් අංක ප්‍රසිද්ධ කර ඇත. යතුරු පැදි හා ත්‍රීරෝද රථ හිමිකරුවන් පහතින් ඇති අංක හා සංසන්ධනය කරන ලෙසත් සැකයක් පවතීනම් පහත අංක හරහා එය දැනුම් දෙන ලෙසත් බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කරයි. 0718 - 591727 / 0718 592167 / 0718 - 592279 / 0777 - 128128 / 0112 - 013060

සම්පූර්ණ ලයිස්තුව බාගත කරගන්න ( පළමු කොටස දෙවැනි කොටස )