by Staff writer 23-09-2020 | 5:10 PM
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල, නගරයේ මහල් ගොඩනැගිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක පස්වන මහලේ ගින්න හටගෙන ඇති බවයි.
ගින්න නිවීම සඳහා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් වාහන 3 ක් යොදවා ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි පොලීසිය පැවසීය.
https://www.facebook.com/NewsfirstSL/videos/3479870545410914/