COLOMBO (News 1st) – උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව, විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල දූමායන කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ සහාය ඇතිවද, ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට කටයුතු සූදානම්ව පවතී.
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 12 වැනිදා ආරම්භ වන අතර මධ්‍යස්ථාන 2648 කදී එය නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2936 කදී ඔක්තෝබර් මස 11වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
