''අවසානෙ 20 අවජාතක දරුවෙක් වුණා'' - ජවිපෙ

''අවසානෙ 20 අවජාතක දරුවෙක් වුණා'' - ජවිපෙ

by Staff writer 23-09-2020 | 3:54 PM
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවසානයේ ආණ්ඩුව තුළම අවජාතක දරුවෙකු බවට පත්ව ඇතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. රත්නායක මහතා පැවසුවේපසුගිය අගෝස්තු 28 ගැසට් කළ කෙටුම්පතට සමාජයෙන් විරෝධයක් ඉදිරිපත් වූ බවත් අවසානයේ 20 වන සංශෝධනය සැකසුවේ කවුරුන් දැයි කියා ඉදිරිපත් වීමට නොහැකි තරමට එය සැකසූ පුද්ගලයින් බිය වී ඇති බවත් ය.
''20 ලිව්ව මිනිහෙක් හොයා ගන්න නෑ. අධිකරණ ඇමතිගෙන් අහනවා ඔබ ද ලිව්වෙ කියලා එයා කියනවා එයා නෙවෙයි කියලා, ජී.එල්. පීරිස් මහත්තයගෙන් ඇහුවම ඔහු කියනවා. ඔහු නෙමෙයි කියලා, අන්තිමට 20 ලිව්වෙ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ද කියන සැකය පවා දැන් මතු වෙලා තියෙනවා. ඇත්තටම බලන්න ඕන කවුද මේක ලිව්වෙ කියලා''
20 ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රජාතන්ත්‍ර විරෝධි රට අවුරුදු 40ක් ආ පස්සට ගෙන යාමට දරන උත්සාහයක් බවත් සාමජයෙන් එල්ල වූ විචේචන හමුවේ, 20 ලියපු අය හැංඟෙන මට්ටමට පත්වූ බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය. ඉදිරිපත් වූ දිනයේම කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසු කෙටුම්පත පිළිබඳ අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කිරීම විහිළු සහගත ක්‍රියාවක් බව ද රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ ය. https://www.youtube.com/watch?v=IifO8zcUshc&feature=youtu.be