අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී

අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී

අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2020 | 10:36 am

COLOMBO (News 1st) : කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ගොස් තිබේ.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන්නේ, අද (23) වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 205,471ක් බවයි.

තව ද එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂයට ආසන්න වෙමින් පවතී.

මෙම වාර්තාගත මරණ සංඛ්‍යාව භයානක තත්ත්වයක් බව පවසන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටින්නේ, චීනය වෛරසය පැතිරීම වැළැක්වීම නතර කළ යුතු බවයි.

කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙමින් පවතී.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිටම අමෙරිකාවේ සහ ගෝලීය කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස් කළ අතර ඔවුන්ට අනුව අමෙරිකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී ඇත්තේ, පසුගිය ජනවාරි මාසයේදී ය.

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයින් වාර්තා වීම වැඩි වෙමින් පවතින අතර උතුරු ඩැකෝටා ප්‍රාන්තයෙන් පසුගිය සති කිහිපයේ රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

මේ අතර ශීත සමය තුළ තවත් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට පැවසනෙ අතර බෝවන රෝග පිළිබඳ විශේෂඥ ඇන්තනී ෆවුසි අනතුරු ඇඟවූයේ සරත් ඝෘතුවේදී සහ ශීත ඝෘතුවේදී ඇමරිකානුවන් ”සැඟව සිටිය යුතු” බවටයි.

මේ අතර කෝවිඩ් වෛරසයෙන් වැඩි බලපෑම් එල්ල වූ දෙවන රට බවට පවත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,646,010 ක් වන අතර මරණ සංඛ්‍යාව 90,021කි.

ආසාදිතයින් 4,595,335ක් වාර්තා වන බ්‍රසීලය තෙවන ස්ථානයේ ද 1,115,810ක් වාර්තා වන රුසියාව සිව් වන ස්ථානයේ ද පසුවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]