20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට...

by Staff writer 22-09-2020 | 12:02 PM

COLOMBO (News 1st) (12.00pm) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසිනි. 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. https://www.facebook.com/NewsfirstSL/videos/2542752792632025/ ================================================================================

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. මේ අතර පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව අද සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ උදෑසන 10.00 සිට සවස 5.30 දක්වායි. https://www.facebook.com/NewsfirstSL/videos/786248908860301/