by Staff writer 22-09-2020 | 4:59 PM
COLOMBO ( News 1st ) : බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයක තිබියදී අත් බෝම්බ 8 ක් සොයා ගෙන තිබේ.
ඒ , ප්‍රදේශවාසියෙක් කළ දැනුම් දීමකට අනුව වැල්ලව පොලීසිය සිදු කළ සෝදිසි කිරීමකදී ය.
එහිදී බෝරපොළ දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයක සඟවා තිබූ මෙම අත් බෝම්බ 8 සොයා ගෙන තිබේ.
අදාළ අත් බෝම්බ සූක්ෂමව අසුරා තිබුණි.
පොලීසිය පැවසුවේ එලෙස සූක්ෂමව ඇසිරූ අත් බෝම්බ නැවත පාවිච්චියට ගැනීමේ හැකියාව ද ඇති බවයි.
මෙම බෝම්බ වසරකට අධික කාලයක් පැරණි ඒවා බවට පොලීසිය සැක පළ කරයි.
කෙසේවෙතත් අධිකරණ නියෝගය ලද වහාම අදාළ අත් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේ ය.