by Staff writer 22-09-2020 | 8:52 PM
COLOMBO ( News 1st ) : ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමාම ශ්‍රවණය කර නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි.
ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන තිබේ.
ජනහමුව හපුතලේ අක්කර සියය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී ලබන සිකුරාදා උදෑසන 10 ට ඇරඹෙනු ඇති.