ගංජා ප්‍රවර්ධනය නැවැත්විය යුතුයි

ගංජා ප්‍රවර්ධනය නැවැත්විය යුතුයි - ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව

by Staff writer 22-09-2020 | 7:56 PM
ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව අද මාධ්‍ය හමුවක් කැඳවමින් ගංජා නීති ගත කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බව සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහි වැඩි අවධානය යොමුකර තිබුණේ, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට අවධානය යොමු නොකළ යුතු බවයි. කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක - අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි
දැනට රටේ පවතින ගංජා ප්‍රවර්ධනය පිලිබදව තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ ගංජා ප්‍රවර්ධනය නතර කිරිමට නිතිමය අංශයත් ක්‍රියාත්මක වෙන්නට ඕන. අදහස් ප්‍රකාශ කිරිම අතින් ගරුතර මහා සංඝරත්නයත් ඊළඟට අනෙකුත් සියලුම සංවිධානත් සුදානම් විය යුතුව තිබෙනවා. එතකොට මේක සීඝ්‍රයෙන් පැතිරීයන තත්ත්වයක් තියෙන්නේ මේ රටේ.
කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
ලංකාවේ ගංජා භාවිතය, ඒ වගේම ගංජා වැවීමේ ප්‍රවනතාවයට යම්කිසි අවසරයක් ලබාදියි යුතුයි. කියන මතයක් ගොඩනැගීගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ මතය සමහර ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන බව අපි දැක්කා. සමහර ජාත්‍යන්තර සංවිධාන ඒවගේම තානාපති කාර්යාල සමඟ මේ පිලිබදව සාකච්ඡා පවත්වන බව පුවත්පත් වලින් අපිට දැනගන්නට ලැබුනා. ඉතිං මේ වාතාවරණය තුල අපි එක්තරා විදිහක කනස්සල්ලකට පත්වුනා. ඇයි මේ එක ව්‍යසනයක් තුරන් කරන්නට ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවේදි ඒ හා සමානව වාගේ තවත් භයානක තත්ත්වයකට අපේ තරුණ පරපුර ඇද දමන්නට ක්‍රියාකරමින් ඒ ගැන කතා කරමින් සිටින්නේ කියලා. මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් මේ ගංජා ව්‍යාපාරය ලංකාවේ නීතිගත කරන්නට හෝ දැනට පවතින නීති ලිහිල් කරන්නට හෝ කටයුතු නොකරන්නැයි කියලා ලංකාවේ දේශපාලන නායකත්වයෙන් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.