කැසිනෝ ගැසූ චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය කැසිනෝ ක්‍රීඩාවේ යේදී සිටි චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට

by Staff writer 22-09-2020 | 9:31 AM

COLOMBO (News 1st) – කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයක මුදල් ඔට්ටුවට නීතිවිරෝධි ලෙස කැසිනෝ ක්‍රීඩාවේ යේදී සිටි චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවයි. ඔවුන් සතුව තිබි රුපියල් ලක්ෂ 65 ක මුදලක් ද පොලීසිය සොයාගෙන තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.