by Staff writer 22-09-2020 | 3:03 PM
COLOMBO (News 1st) – ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත ලබන මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ , ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඊයේ(21) දිනයේ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණි.