
රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු – ජනපති
රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු – ජනපති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ඉහළපෙළේ එක්දින සමුළුව අමතමිනි.
ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” යන පාඨය රාජ්‍යන්ගේ ස්වෛරී සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පෙන්වා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි.
එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළපෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.45 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහ මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනිටෝ ගුටරෙස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ සිදු කළ අතර රාජ්‍ය නායකයින් 180 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූ බවයි.
රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු
රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු – ජනපතිRead More: https://bit.ly/3iSD17n#lka #News1st #President #GR #UN #ULG
Newsfirst.lk यांनी वर पोस्ट केले सोमवार, २१ सप्टेंबर, २०२०
- තවත් කොරෝනා ආසාදිතයින් 492ක්
- මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- හුදෙකලා ප්‍රදේශ කිහිපයක වෙනසක්..
- ඇඹුල්දෙනියගෙන් සුපිරි පන්දු යැවීමක්: ජෝ රූට්ට ද්විත්ව ශතකය අහිමි වෙයි..
- පාර්ලිමේන්තු ඉදිරි කටයුතු ගැන අගමැති සහ කතානායක අතර සාකච්ඡාවක්
- පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට
- පරිසර නීති උල්ලංඝණය කරන්නන් සොයා මෙහෙයුම්
- ලක්ෂ 20කින් මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා..
- ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රධානියා අත්අඩංගුවට
- කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්..