by Staff writer 22-09-2020 | 6:40 AM
COLOMBO (News 1st) - 09 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත වේ.
පාර්ලිමේන්තුව සඳහන් කළේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ පළමු රැස්වීම හෙට (23) පැවැත්වීමට දින නියම වී ඇති බවයි.
එහිදී කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපතිවරයා තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව කාරක සභා හමුවට කැඳවනු ලබන රාජ්‍ය ආයතන තීරණය කිරීම සිදු කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසීය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජික මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙකු බැගින් සමන්විතය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත රාජ්‍ය සංස්ථාවල සහ රජය යටතේ ඇති වෙනත් ව්‍යාපාරවල, මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය හිමිව තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ, රජයේ, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි.
මේ අතර ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව ද පළමුවරට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසීය.