අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපති කොමිසම හමුවට පැමිණෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපති කොමිසම හමුවට පැමිණෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය: හිටපු ජනපති කොමිසම හමුවට පැමිණෙයි

කර්තෘ Staff writer

22 Sep, 2020 | 10:23 am

COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ ඔහුගේ නීතිඥවරයා සමගය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය චෝදනා එල්ල කළ බවට සිදු කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, එම නිවේදනය හරහා තම සේවාදායකයා බියට පත්ව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]