20 හෙට පාර්ලිමේන්තුවට...

20 හෙට පාර්ලිමේන්තුවට... ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ස්ථාන දෙකකදී සාකච්ඡා

by Staff writer 21-09-2020 | 10:08 PM

COLOMBO (News 1st) - මේ වනවිට දේශපාලනයේ අවධානයට ලක් වූ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ 20 වැනි සංශෝධනයයි.

එය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට රටේ පුරවැසියන්ට හැකියාව පවති. මේ අතර අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ ද ප්‍රධාන මාතෘකාවක් බවට මෙය පත්ව තිබුණි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පස්වරු 5.00 ට පමණ කැබ්නට් හමුව ආරම්භ වූ අතර පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/335626697747542/