විදේශයන්හි සිටි ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට

විදේශයන්හි සිටි ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට

by Staff writer 21-09-2020 | 10:28 AM

COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 724 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 288 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 420 දෙනෙකු , ඉන්දියාවේ සිට පුද්ගලයින් 06 දෙනෙකු හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. එම පුද්ගලයින් PCR පරීක්ෂණවලින් පසු නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.