වත්තල ප්‍රදේශයට පැය 24 ක ජල කප්පාදුවක්

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

by Staff writer 21-09-2020 | 11:27 AM

COLOMBO (News 1st) : වත්තල ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ය. වත්තල, තෙලඟපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදූව හා ඇලකන්ද යන ප්‍රදේශවලට අදාළ කාලය තුල ජල සැපයුම අත්හිටුවනු ඇති.