පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට සිට වෙනස් වෙයි

පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට සිට වෙනස් වෙයි

by Staff writer 21-09-2020 | 4:23 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට (22) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වේ. අප වාර්තාකරු පැවසුවේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 9 වන පාර්ලිමේන්තුවට අදාළව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට දින සිදු කරන බවය.