රැකියා ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්...

ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් විරෝධතාවක

by Staff writer 21-09-2020 | 6:57 PM

COLOMBO (News 1st) - ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.

ඔවුන් ඉල්ලා සිටියේ, තමන් දැඩි පීඩාවකට පත් කර ඇති රැකියා ගැටලුව වහාම විසඳන ලෙසයි. විරෝධතාකරුවන් අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ තිබේ. පසුව ඔවුන් ගමන් කළේ, අසළ පිහිටි උද්ඝෝෂණ සඳහා වෙන් කළ ස්ථානයටයි. උපාධියට සරිලන රජයේ රැකියාවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. පසුව විරෝධතාකරුවන් අතරින් කිහිපදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමට ඉඩ සැලසුණි. මේ අතර අද පස්වරුවේ ඇද හැලුණු වර්ෂාවද නොතකා මේ පිරිස විරෝධතාවයේ නිරත විය. https://www.facebook.com/NewsfirstSL/videos/333012944784121/