ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරුවරියක් පත් කිරීම ගැන ජනපති ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා

by Staff writer 21-09-2020 | 8:50 AM

COLOMBO (News 1st) : හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කිරීමට ජනපති ගත් තීරණය ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් දැඩි ලෙස විවේචනය කර තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේකෂක ජෝ බයිඩ්න් පෙන්වා දෙන්නේ, ජනපති ට්‍රම්ප්ගේ තීරණය බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි. හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහාකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ  ධූරය සඳහා විනිසුරුවරියක් නම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , මීළග සතියේදී එම නම් කිරීම සිදු කරන බවයි. රූත් බේඩර් පිළිකාවක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වනවිට 87 වන වියේ පසු වූවා ය. අමෙරිකාව තුළ ආන්දොලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දුන් විනිසුරුවරියක ලෙස රූත් බේඩර් හඳුන්වයි. අමෙරිකාවේ වැඩිම කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු ලෙස ඇය සේවය කළ අතර එම කාලය වසර 27 කි. මේ අතර ජනාධිපතිධූර අපෙක්ෂක ජෝ බයිඩ්න් අවධාරණය කළේ, පුරප්පාඩු වූ ධූරය සඳහා වෙනත් අයෙකු නම් කිරීම ඡන්ද විමසීමෙන් පසුව සිදු කළ යුතු බවයි .