අනුර කුමාර ජනපති කොමිසම හමුවට

අනුර කුමාර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම හමුවට

by Staff writer 21-09-2020 | 4:41 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ඒ, සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අසත්‍ය චෝදනා ගොනු කර නඩු පැවරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට ඩී. එස්. ජයවීර මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. මීට අමතරව අල්ල්ස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද අද කොමිසමට පැමිණියා ය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද අද පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට පැමිණියේ ය. ඒ, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවයි. https://www.facebook.com/NewsfirstSL/videos/320162779274978/