UPDATE: මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම:මියගිය බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් හමුවෙයි

by Staff writer 20-09-2020 | 3:35 PM
COLOMBO (News 1st) : මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් සොයාගෙන තිබේ. මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු 5කින් සමන්විත ගොඩනැගිල්ලක් අද අලුයම ගිලා බැසීමකට ලක්ව තිබේ. එහිදී යාබද නිවසක සිරවී සිටි මව, පියා සහ බිළිඳා බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. බිළිඳාගේ සිරුර අද උදෑසන සොයාගත් අතර, මීට ටික වේලාවකට පෙර මව සහ පියාගේ සිරුරු සොයාගනු ලැබිණි. ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.