'බැරල් රංජි' අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 7 ක් සමග 'බැරල් රංජි' අත්අඩංගුවට

by Staff writer 20-09-2020 | 2:16 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ෆාරුක් හෙවත් 'බැරල් රංජි' නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 ක්, ජංගම දුරකතන 20 ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි. ඔහු සමග 31 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 5 කි. කොළඹ අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත තුළ අද උදෑසන 6.00 ට ආරම්භ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.