යන්ත්‍රයක් බිලිගත් එක්දරු මවගේ ජීවිතය

යන්ත්‍රයක් බිලිගත් එක්දරු මවගේ ජීවිතය

by Staff writer 20-09-2020 | 10:09 PM

COLOMBO (News 1st) –  පොළොන්නරුව බකමූණ සරුබිම ගම්මානය අද අඳුරු බිමක් වෙලා.

ඒකට හේතුව එක්දරු මවක් සිත්පිත් නැති යන්ත්‍රයකට බිලිවෙලා ජීවිතයෙන් සමුගැනීමයි. විමලා පුෂ්පරාණි 49 හැවිරිදි ඇය අවුරුදු දෙකක දරුවෙකුගේ මවකි. ගොවිතැන් කරන සැමියාට සවියක් වෙන්නත්, එකම පුතුගේ අනාගතය වෙනුවෙනුත්, මේ දිරිය කාන්තාව ගමේ තියන බඩ ඉරිඟු නිෂ්පාදන කම්හලක සේවයට ගොස් තිබේ. සහෝදර සේවකයිනුත් එක්ක බඩ ඉරිඟු සුද්ද කරමින් ඉන්න අතරතුර ඇය හිසේ බැඳ සිටි රෙදි කඩ යන්ත්‍රයක් ඇතුළට ගියේ විමලාගේ හිසට දැඩි හානියක් කරමින් ය. සිද්ධිය ඇසින් දුටුවන් මැෂින් එක නතර කරලා පිහියක් ගෙනැල්ලා කැපුවා හිර වෙලා තිබුණ තැන. කතාත් කළා හුස්ම ගන්න අමාරුයි කිවුවා. අත්තනකඩවල රෝහලට විමලා අරගෙන ගියත් වැඩිදුර ප්‍රතිකාර කරන්න තරම් පහසුකම් තිබිලා නැහැ. පොළොන්නරුව මහ රෝහලට රැගෙන යද්දී ඈ ජීවිතය හැර ගොස් තිබිණි. ස්වාමි පුරුෂයා
බඩ ඉරිඟු ගගහා හිටියා ඔලුවේ තිබ්බා රෙදි කෑල්ල ඒක ගියා අර බඩ ඉරිඟු ඇට ගන්න තැන. එතන එහෙම්ම සරස් ගාලා ෆෑන් එක අස්සට ගියා.
කම්පාවට පත්වෙලා ඉන්න ගමේ අය අහන්නේ , ජීවිතේ ගැට ගහගන්න මහ පොළව එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙන්නෙ ඇයි කියලා