මහනුවර, බූවැලිකඩ තට්ටු 5ක ගොඩනැගිල්ලක් ගිලා බසී

by Staff writer 20-09-2020 | 8:39 AM

COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය. ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා මේ වනවිට සොයා ගෙන තිබේ.