බෙහෙත් පෙති මත්ද්‍රව්‍ය ලෙස ගන්නා පිරිස ඉහළට

බෙහෙත් පෙති මත්ද්‍රව්‍ය ලෙස අධික මාත්‍රාවකින් භාවිතයට ඇබ්බැහි වූ පිරිස ඉහළට

by Staff writer 20-09-2020 | 1:49 PM

COLOMBO (News 1st) - විවිධ රෝග සඳහා භාවිත කරන පෙති වර්ග මත්ද්‍රව්‍ය ලෙස අධික මාත්‍රාවකින් භාවිතයට ඇබ්බැහි වූ ලක්ෂයක පමණ පිරිසක් සිටින බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසන්නේ, දෛනික ජීවිතයේ එල්ලවන විවිධ ප්‍රශ්න හේතුවෙන් මත්ද්‍රව්‍යවලට යොමුවන පිරිසේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. තවත් ලක්ෂ තුනකට වඩා පිරිසක් ගංජාවලට ඇබ්බැහි වූවන් වන අතර ඉන් වැඩි පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ කේරළ ගංජා වලටයි. මෙරට පුද්ගලයින් ලක්ෂ 05ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක බවයි.