බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග 348 ක් කොටු

බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග 348 ක් කොටු

by Staff writer 20-09-2020 | 5:23 PM

COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 348 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ එම වැටලීමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 117 කි. එහිදි පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 196 යි මිලිග්‍රෑම් 683 කි. ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 95 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.