බතික් ආනයන සීමා ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්..

බතික් ආනයන සීමා හොරනේම ඉවත් කර ඇතැයි දයාසිරිගෙන් හෙළිදරව්වක්..

by Staff writer 20-09-2020 | 10:04 PM

COLOMBO (News 1st) – බතික් කර්මාන්තයට බලපෑම් වන බතික් හා ඒ හා සමාන රෙදි පිළිවර්ග ආනයනයට තිබූ සීමා හොර රහසේම ඉවත් කර ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ මාරවිල බතික් කර්මාන්තකරුවන් හමුවු අවස්ථාවේදී ය. මේ අවස්ථාවට මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ බතික් කර්මාන්තකරුවෝ පිරිසක් එක්ව සිටියහ. බතික් කර්මානතයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී කර්මාන්තකරුවන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ ය. බතික් කර්මාන්තකරුන්
අද දැන් රුපියල් 6000ක් දෙන ඩයි මිල ලබන සතියේ අපි යනකොට රුපියල් 8000, 12000. ඒ තත්ත්වෙට පත් කරනවා. ඉතින් අපි කීය දීලා හරි ගෙනල්ලා වැඩ කරන්න ඕනෙනේ. රෙදි මිලදී ගැනීමේදීත් ඒ වාගේ ගැටලු තියනවා.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
දැන් වැඩපිළිවෙළ අපි සාකච්ඡා කරන් යනවා. දැන් අපි හදන්නේ ලංකාවට ගෙන්නන්න සතොස හරහා. හැබැයි මේ ජරා ඩයි එක නෙමෙයි.
බතික් කර්මාන්තකරුන්
ඉන්දියාවෙන් ඇඳුම් නොගෙන ආවට අපිට ඔය වෙලා තියෙන්නේ මෙහේ නිෂ්පාදන වියදම වැඩී. අපිට කරන්න බෑ. එතකොට අපිට වෙන්නේ සම්පූර්ණයෙන්ම බතික් කර්මාන්තය වසා දාන්න.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දැක්වුවී ය.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය දැන් බතික් සහ ඊට සමාන රෙදි වර්ග ගේන්නේ නැහැ කියලා දැන් රජය කියනවා. මේක කොච්චර කල් තියෙයිද?
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
එක එක්කෙනාගේ තියන බලපෑම් මත නැවත ඒකට අවශ්‍ය කරන වාතාවරණය හැදිලා තියනවා. මම බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමා එක්කත්, මුදල් ඇමතිවරයා විදියට ගරු අග්‍රාමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා මේකට ස්ථාවර තහනමක් පනවන්න. දැනට තිබුණු තහනම පනවලා තිබුණේ ජනාධිපතිතුමා, හැබැයි කවුරුහරි බලවතුන් විසින් ඒක එකතු වෙලා නැවැත්තුවා. ඒක දැන් ආපහු නැවත අහෝසි කරලා තියනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක් මොකද මගෙන්වත් අහන්නේ නැතුව ක්ෂෙත්‍රයට සම්බන්ධ ඇමතිවරයාගෙන්වත් අහන්නේ නැතුව ගත්ත ක්‍රියාමාර්ග ගැන මම කණගාටු වෙනවා.