පිටබැද්දරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

පිටබැද්දරදී ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කෙරේ

by Staff writer 20-09-2020 | 2:48 PM

COLOMBO (News 1st) –  පිටබැද්දර, තැන්නහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් කාන්තාවක් ද බරපතල තුවාල ලබා ඇති බවයි. ඇය බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට මාරු කළ බව පොලීසිය සඳහන් කළේ ය. ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි පිටබැද්දර පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පිටබැද්දර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.