ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-09-2020 | 2:20 PM

COLOMBO (News 1st) - පන්නල , උඩුගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි 4 ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නල, විලගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) ක්ෂණික මාර්ග බාධකයක් යොදා ජීප් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 පතරොම් 17 ක් ඔවුන් සන්තකයේ තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඔවුන් 47 සහ 24 හැවිරිදි ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මේ අතර උඩුගම, බණ්ඩියහේනවත්ත ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 ක් , බොර 12 පතරොම් 04 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ උඩුගම පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. මේ අතර රුවන්වැල්ල, මාගම්මන ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.