අමෙරිකානු ජනපතිට විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක්

අමෙරිකානු ජනපතිට විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක්

by Staff writer 20-09-2020 | 1:46 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනපතිගේ නමට එවූ රයිසින් නැමති විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් සොයාගෙන තිබේ.

ධවල මන්දිරයේ ලිපි පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයේදී එම ලිපිය සොයාගෙන ඇති බව අමෙරිකානු බලධාරීන් සඳහන් කළේය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එරට රහස් ඔත්තු සේවා විමර්ශන ආරම්භ කර ඇති බවය. 2014 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට ද මෙවැනිම ආකාරයේ විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් ලැබී තිබුණි.