අධිකරණ ඇමති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

අධිකරණ ඇමති අලි සබ්රි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

by Staff writer 20-09-2020 | 3:58 PM

COLOMBO (News 1st) : අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අතර එහි වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. රස පරීක්ෂක වාර්තා ලබා දීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.