New Diamondහි රසායනාගාර වාර්තා නීතිපතිට

New Diamondහි තෙල් සාම්පල ආශ්‍රිත රසායනාගාර වාර්තා නීතිපතිට

by Staff writer 19-09-2020 | 10:09 AM

COLOMBO ( News 1st ) : New Diamond නෞකාවේ තෙල් සාම්පල ආශ්‍රිත රසායනාගාර වාර්තා නීතිපතිවරයාට යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවේ රජයේ රස පරීක්ෂක ලබාදුන් රසායනාගාර වාර්තාව එලෙස නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි. කිමිදුම්කරුවන් විසින් තවදුරටත් නැවේ සිදුර ඇත්දැයි පරීක්ෂා කරමින් ඇති බව ද ඇය පැවසුවා ය.