ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිතයි

ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිතයි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

by Staff writer 19-09-2020 | 5:26 PM

COLOMBO (News 1st) - ලබන වසර අග වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හින්කෙන්ද මහතා සඳහන් කළේ, දේශීය අවශ්‍යතා වෙනුවෙන් මෙතෙක් මෙට්‍රික් ටොන් 5300 ක් වාර්ෂිකව ආනයනය කළ බවය. එහෙත් කුළු බඩු වර්ග 10 ක් ආනයනය තහනම් කිරීමත් සමග මෙරට කහ වගාව සඳහා ගොවීන් උනන්දු වී ඇතැයි ද ඒ. පී හින්කෙන්ද මහතා පැවසුවේ ය.