by Staff writer 19-09-2020 | 6:53 PM
COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ නව සභාපති, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ කමිටු සාමාජිකයන් ඊයේ අග්‍රාමාත්‍යවරයා හමු විය.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ, මහින්ද යාපා අබේවර්ධන මහතාය.
අබේවර්ධන මහතා කථානායක ධූරයට පත්වීමත් සමග සභාපති ධුරයට ගාමිණී ලොකුගේ මහතා පත් කෙරුණි.
ඔහු පත්වීමෙන් පසු පැවති පළමු හමුව ද මෙයයි.
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වනවිට ඉදිරිපත්ව ඇති අභියාචනා සංඛ්‍යාව 6952 කි.
එයින් අභියාචනා 2365 ක් කමිටුවට සෘජුවම ලැබී ඇති ඒවාය.
https://www.facebook.com/NewsfirstSL/videos/778482532986945/