වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය News1st

රයිගම් ටෙලීස් සම්මාන උළෙල: News 1st වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබයි

by Staff writer 19-09-2020 | 9:03 PM

COLOMBO (News 1st) - 16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් සම්මානය හිමි වූයේ ද සිරස TV නාලිකාවටයි. ඒ, එම අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාව හිමිකර ගනිමිනි. හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ( සිංහල ) නිව්ස්ෆස්ට් චානූ දිසානායක. වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (ඉංග්‍රීසි) අශ්‍රා අසාන්, සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිව්ස්ෆස්ට්හි තිලක්ෂණී මධුවන්ති ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගත්තේ පෝරකය ප්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙනි. වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය (සිංහල) වෙනුවෙන් නිව්ස්ෆස්ට්හි සිසිර කුමාර ක්‍රිෂාන්ත් රාජ් සම්මාන දිනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල සම්මානය සිරස TVහි සුදර්ශනී වාසනා ලක්මාලි දිනා ගත්තා ය. වසරේ විශිෂ්ටතම රූපවාහනි රියැලිටි වැඩසටහන වෙනුවෙන් සිරස TVහි විකාශය වූ හෙට රට වැඩසටහන නිෂ්පාදනය කළ දිනේෂ් අම්බුලුගල සම්මාන දිනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා ලෙස සක්කාරං ටෙලි නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය වෙනුවෙන් දුමාල් වර්ණකුලසූරිය පිදුම් ලැබුවේ ය. වසරේ විශිෂ්ටතම නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානය හිමි වුයේ අඩෝ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වූ රන්දික ගුණතිලකයි. මේ අතර සිරසTV හි විකාශනය වූ අඩෝ ටෙලි නාට්‍යයේ කමනිගේ දෙවැනි පුතා චරිතය නිරූපනය කළ ජානු දොලේවත්ත ජූරියේ කුසලතා සහතිකය දිනා ගත්තේ ය. තිළිණ චාමර පෙරේරා සහ ගීත් රත්නායක ද ජූරියේ කුසලතා සම්ම්මානයෙන් පිදුම් ලැබුවේ ය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේදි පැවැත් විය. https://www.facebook.com/NewsfirstSL/videos/339475663840318/