මෙරට තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක්

මෙරට තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක්

by Staff writer 19-09-2020 | 2:22 PM

COLOMBO ( News 1st ) : මෙරට තුළ මේ වනතුරු PCR පරීක්‍ෂණ 264,343 ක් සිදු කර ඇතැයි COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1760 ක් සිදු කළ බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3281 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 198 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මේ වනවිට කොරෝනා සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3070 කි. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 281 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 42980 කි.