මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රබලයින් කොටු කළ යුතුයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිටින ප්‍රබලයින් කොටු කරගත යුතුයි - පූජ්‍ය මැදගොඩ හිමි

by Staff writer 19-09-2020 | 6:30 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් වැඩිවෙද්දී මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස තිබෙන බලවේග සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට දැන් සංවාදයක් ඇතිවෙමින් තිබේ.

අද මේ ගැන අදහස් පළ වුණේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේදී අද පැවති මත්ද්‍රව්‍ය නිවාරණ සමුළුවකදීය. මෙම වැඩමුළුව සංවිධාන කර තිබුනේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය එක්වයි. ප්‍රජා පොලිස් නිලධාරීන් සහ කාන්තා ළමා කාර්යංශයේ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ මත්ද්‍රව්‍ය සහමුලින්ම තුරන් කරලා දාන්න ලොකු වුවමනාවක් තියනවා. අපි කරන්න යනවා සැපයුම අඩාල කිරීම. පොලීසිය, රේගුව, ත්‍රිවිද හමුදාව, නාවික හමුදාව දිවා රෑ මහන්සි වෙලා උත්සහ කරනවා ඒ සැපයුම අඩාල කරන්න. ගමේ කොල්ලට ගහන්න තියන කුඩු පැකට් එක එන එක අඩාල කිරීම. ‍ඊළඟ එක තමයි කළ යුතු වන්නේ ඉල්ලුම අඩාල කිරීම.කුඩු ගහන්න සල්ලි හොයාගන්න රුපියල් විසිපන්දාහට මිනී මරණ මිනිස්සු ඉන්නවා මේ සමාජේ.
පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි,
ඔය මත්ද්‍රව්‍ය වැරදි වැඩිහරියකට දඬුවම් විදින අය ඇත්තටම ඊට කළින් දඬුවම් විඳින්න පිරිසක් ඉන්දැදියි දඬුවම් විදින්නේ. මේ පොලීසිවලින් හැමවෙලාවෙම ඵලය දිහා බලනවා මිසක් හේතුව දිහා බලනවද කියන සැකය තියනවා. අපිට අහුවෙන්නෙ කුඩු ගහන මිනිහයි කුඩු විකුණන මිනිහයි විතරයි. අරක්කු බොන මිනිහයි අරක්කු පෙරන මිනිහයි අපිට අහුවෙනවා. හැබැයි ඒකට උඩින් ඉන්න ජාලය පිළිබඳව කතා කරන්නෙ නෑ. දැන් මේ හාමුදුරුවොරුත් දාගෙන කියවනවා ගංජා හොඳයි කියලා, අනිත් එක ඒගොල්ලො කියනවා මේ ගංජා අපිට නෙවෙයි අපි එක්ස්පෝර්ට් කරන්නයි හදන්නෙ කියලා. ඒ කියන්නෙ අපේ උන් මැරන්නෙ නැත්තන් එච්චරයි. අනිත් උන් මලාට කමක් නෑ උන් අපේ ළමයි නෙවෙයිනෙ. සුරාබදුවලින් හරි ඒ දේවල්වලින් සමාජයක් යැපෙන්න කල්පනා කරනවනම් ආණ්ඩු යැපෙන්න කල්පනා කරනවානම් ඒ ආණ්ඩුවල තියන දුර්වලතාව. ගෑනු පිටරට යවලා ජීවත්වෙන රටක්නම්, තාරුණ්‍යයට මත්ද්‍රව්‍ය දීලා ජීවත්වෙන රටක්නම් සංකර සිරිත්විරිත් හඳුන්වාදිලා විදේශිකයෝ ආකර්ශනය කරගෙන අපේ රටවලට කාන්තාවන්ව බිල්ලට දීලා තරුණයන්ව බිල්ලට දීලා සමලිංගික ආදී දේවල්වලින් එහෙම ජීවත්වෙන රටක්නම් ඒ රටේ පාලකයෙ ලැජ්ජ වෙන්න ඕන.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා,
අපි ත්‍රස්තවාදය ඉවර කරපු කණ්ඩායමක් ජාතියක්. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයත් අපි වෙනත් ශ්‍රී ලාංකීය විසඳුමකට යමු මේකට. නැත්තන් අපිට උදාහරණත් තියනවා විවිධ විවිධ රටවල්වල කරපු දේවල්. අපිට එහෙමම කරන්න බෑ. මොකද අපි බෞද්ධ සංස්කෘතියත් එක්කත් ප්‍රාණගාත කරමින් මේක නතර කරන්නත් අමාරුයි.
https://www.facebook.com/NewsfirstSL/videos/1012163685921865/