මත්ද්‍රව්‍ය සමග 560 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග 560 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 19-09-2020 | 9:39 AM

COLOMBO ( News 1st ) : බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ එම වැටලීමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 246 කි. එහිදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 කට ආසන්න වේ. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 5 දක්වා ක්‍රියාත්මක කළ එම වැටලීමේදී ගංජා ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් පුද්ගලයින් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.