ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-09-2020 | 6:00 AM

දේශීය පුවත්

1. Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානිවීමට ඉඩ දෙන් නෑ – ජනාධිපති: ලෝක වෙළෙඳපොළේ “සිලෝන් ටී” සඳහා ඇති ඉල්ලුමට හානිවීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2 . කාලගුණයෙන් රතු නිවේදනයක් : සබරගමුව, මධ්‍යම , බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් – 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 3. නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා : නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතය. 4. රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි – ජනපති : රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 5. මංතීරු නීතිය: ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් : ඊයේ සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ