නුවරඑළියට මිලිමීටර් 151 ක වර්ෂාපතනයක්

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළියට

by Staff writer 19-09-2020 | 7:00 AM

COLOMBO ( News 1st ) : ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළියෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මිලීමීටර් 151 යි 5 කි. රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 127 ක සහ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 114 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සබරගමුව හා මධ්‍යම බස්නාහිර පළාත්වල අතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනය වනවිට ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය සඳහන් කළා ය. මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙන්නේ, ලබන 22 වැනිදා දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙසයි. පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ ය.