ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් වැසේ

කොරෝනා යළි හිස එසවීමෙන් ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමේ තීරණයක්

by Staff writer 19-09-2020 | 9:04 AM

COLOMBO ( News 1st ) : කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි නව සීමාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. මේ යටතේ නගරයේ තෝරා ගත් ස්ථාන 37ක් වසා දැමෙන අතර සියලුම නගර වැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීමට උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ස්පාඥ්ඤයෙන් ය. එම සංඛ්‍යාව හය ලක්ෂය ඉක්මවා තිබෙන අතර මිය ගිය පිරිස තිස් දහස ඉක්මවයි. මේ අතර ප්‍රංශයේ දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 13,215ක් ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ. ඒ අතර ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ද වන බව සඳහන් ය. මේ හේතුවෙන් ප්‍රංශයේ බෝහෝ ප්‍රදේශ ආශ්‍රිතව යළි සීමාවන් පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කළේ, ශීත සෘතුව එළැඹීමත් සමග කොරෝනා දෙවන රැල්ලක් ඇති වීම නොවැළැක්විය හැකි බවයි.