by Staff writer 19-09-2020 | 4:52 PM
COLOMBO (News 1st) - උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතා වැඩ භාර ගෙන තිබේ.
ඒ, උතුරු නාවික විධාන මූලස්ථානයේදී ය.
නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුර ආචාරයක් පිරිනමමින් නව ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතා පිළිගත් අතර ආගමික වතාවත්වලින් අනතුරුව වැඩ භාර ගත්තේ ය.
උතුරු විධානයේ හිටපු ආඥාපති වත්මන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාට සමුදීම සඳහා ද නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනැමුණු බව නාවික හමුදාව සඳහන් කළේ ය.